සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වූ ජීවන්ත පීරිස් පියතුමා ඇපමත මුදාහරින මෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත .
සැකකරු අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදී කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ සැකකාර පියතුමා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වුවත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ජීවන්ත පීරිස් පියතුමා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කර තිබේ .
ජීවන්ත පීරිස් පියතුමා ගේ විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා හෙට (13) පොලිසිය වෙත ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙස නියෝග කර ඇත .
පැමිණිල්ල නැවත ලබන 26 වැනිදා කැඳවීමට ද නියම වු බවත් වාර්තා වෙයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
