එස්.බී,දයාසිරි,සුසිල්,ජෝන් ඇතුළු පිරිසට එජාපයෙන් විශ්වාසභංගයක් : තිලංගට "අතිවිශේෂ"

එස්.බී,දයාසිරි,සුසිල්,ජෝන් ඇතුළු පිරිසට එජාපයෙන් විශ්වාසභංගයක් : තිලංගට "අතිවිශේෂ"

අග්‍රාමාත්‍යවරයාට සහ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට නියමිත බව වාර්තා වෙයි.

එස්.බී,දයාසිරි,සුසිල්, ජෝන් පෙරමුණේ

මෙම විශ්වාසභංග යෝජනාව එක්සත් ජාතික පක්ෂය විසින් ගෙන ඒමට නියමිත අතර එහිදී කැබිනට් මණ්ඩල සාමාජිකත්වය දරමින් සහ ඊට අදාළ සියළු වරප්‍රසාද භුක්ති විඳිමින් කැබිනට් සාමුකිඛත්වය උල්ලංඝණය කරමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව ජන්දය ලබාදුන් එස්.බී දිසානායක, දයාසිරි ජයසේකර, සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් සෙනවිරත්න ඇතුළු අමාත්‍යවරුන් විශේෂ චෝදනා ලබන බවද වාර්තා වෙයි.

එසේම ආණ්ඩුවේ අමාත්‍යවරු ලෙස කටයුතු කරන අතරතුර ආණ්ඩුවට එරෙහිවීම පදනම් කරගෙන අනෙක් ශ්‍රීලනිපය නියෝජනය කරන අමාත්‍යවරුන්ටද චෝදනා ඉදිරිපත් කිරීමට නියමිත බවත් මේ වන විටත් එජාප නීතීඥ කණ්ඩායමක් විසින් එහි අවසන් කෙටුම්පත් කටයුතු සිදුකරන බවත් වාර්තා වෙයි.

තිලංගට අතිවිශේෂ

මේ අතර අදාළ විශ්වාසභංග යෝජනාව තුළ හෝ වෙනම විශ්වාසභංග යෝජනාවක් ලෙස නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාලට එරෙහිවද විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට නියමිත බව වාර්තා වෙයි.

මේ බව වාර්තා කරන දේශපාලන ආරංචිමාර්ග සඳහන්ක කරන ආකාරයට කතානායක සහ නියෝජ්‍ය කතානායක ලෙස පත්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේම වූ දේශපාලන පක්ෂයක් තිබුණත් ඔවුන් ස්වාධීන ලෙස පාර්ලිමේන්තුවේදී කටයුතු කළ යුතුව ඇත.

නමුත් තිලංග සුමතිපාල නියෝජ්‍ය කතානයකධුරයට කොහෙත්ම නොගැළපෙන ලෙස ඉතා පක්ෂග්‍රාහී ආකාරයට පසුගිය විශ්වාසභංග අවස්ථාවේ හැසිරී ඇති බවත් එය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අමුඅමුවේ උල්ලංඝණය කිරීමක් බවත් තිලංගට එරෙහිව ඇති චෝදනා වල පදනම වී ඇත.

පසුගියදා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් ද මේ සම්බන්ධව අදහස් දක්වා තිබු අතර ඔහු එහිදී අවධාරණය කර තිබුණේ නියෝජ්‍ය කතානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට එජාපය අනිවාර්යයෙන් කටයුතු කරන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න