කැබිනට් මණ්ඩලය හතරමායිමක එන්න එපා :"6 කල්ලිය"ට එජාපය දන්වයි

කැබිනට් මණ්ඩලය හතරමායිමක එන්න එපා :"6 කල්ලිය"ට එජාපය දන්වයි

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරපත් කළ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ලබාදුන් ශ්‍රීලනිප පාර්ශවය නියෝජනය කළ කැබිනට් අමාත්‍යවරුන් හය දෙනා තවදුරටත් කැබිනට් මණ්ඩල නියෝජිතයන් ලෙස සැළකිය යුතු නැති බවට එජාපය දැඩි ස්ථාවරයක් ගෙන ඇති බව වාර්තා වෙයි.

ඒ එස්.බී.දිසානායක, දයාසිරි ජයසේකර, සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා සහ චන්දිම වීරක්කොඩි යන අමාත්‍යවරුන්ය.

මේ සම්බන්ධව අදහස් දැක්වූ එජාප ප්‍රකාශකයකු සඳහන් කර සිටියේ ඉතා කඩිනමින් කැබිනට් සංශෝධනයක් සිදුකිරීමට යෝජනා කිරීම සඳහා එජාපය අපේක්ෂාවෙන් සිටින බවත් එම සංශෝධනයේදී මෙතෙක් රාජපක්ෂ බෙරපදයට ආණ්ඩුව නටවමින් ද්‍රෝහීකම් කළ කැබිනට් අමාත්‍යවරුන්ට කොහෙත්ම අමාත්‍යධුර ලබාදීමට තම පක්ෂය ඉඩනොතබන බවය.

එසේම මේ වන විට අදාළ පිරිස එළියේ බොරු සිංහනාද පවත්වා ජනාධිපතිවරයා හමුවී ඇමතිකම් රැකගැනීමට උත්සාහ කරමින් සිටින බවට දැනගන්නට ඇති බවත් එම ප්‍රකාශකයා පැවසීය.

19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව කැබිනට් සංශෝධනයක් !

19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව අමාත්‍යධුර ලබාදීම සිදුවිය යුතු වන්නේ අග්‍රාමාත්‍යවරයාගේ එකඟතාව මත බැවින් ඒ කිසිවෙකුටවත් නුදුරේදීම සිදුකිරීමට නියමිත කැබිනට් සංශෝධනයේදී අමාත්‍යධුර ලබන්නට තම පාර්ශවය ඉඩ නොතබන ස්ථාවරයක එජාපය සිටින බවද ඔහු අවධාරණය කර සිටියේය.

ලැජ්ජ නෑ - ආණ්ඩුවට විරුද්ධලු : වරප්‍රසාද අත්හරින්නත් විරුද්ධලු

එහෙයින් මේ වන තුරුත් ආණ්ඩුවට එරෙහිවී තවදුරටත් ඇමති වරප්‍රසාද අත්හරින්නට සිතානොමැති ඒ පිරිස ලැජ්ජාවක් කියා දශමයක් හෝ ඔවුන්ට ඇත්නම් සුදුසුම දේ වන්නේ අදාළ සංශෝධනය සිදුවන තුරු අමාත්‍ය මණ්ඩල හමුව වර්ජනය කිරීමට කටයුතු කලයුතු බවද ඔහු පැවසීය.

ආවොත් කැබිනට් හමුව වටලනවා - මුජිබර්

මේ අතර එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මාධ්‍යවෙත ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත්තේ එළඹෙන අඟහරුවාදා කැබිනට් හමුව සඳහා අදාළ අමාත්‍යවරුන් සහභාගී වුවහොත් එම ස්ථානය වටලන්නට එජාප පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කර සිටින බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න