Language Switcher

V2025

හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ අත්අඩංගුවේ

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාම සම්බන්ධව හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජනරාල් අමල් කරුණාසේකර (විශ්‍රාමික) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

2008 මැයි 22 වනදා මෙම පැහැරගෙන යාම සිදුවූ අතර ඊට අනුබලදීම මේජර් ජනරාල්වරයාට එරෙහිව එල්ලවී තිබෙන චෝදනාව වී ඇත.

ඊයේ (05) මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූ බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරන අතර මේ වන විට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ යුද හමුදා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.

මේ පිළිබඳ ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා දැනුවත් කිරීමට පොලිසිය ක්‍රියාකරන බවද පොලිස් ආරංචිමාර්ග අන්දහන් කරයි.