තම නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවේ සිදුකරන සංචාරයේදී ණය හිමියන්ගේ ප්‍රමාණවත් සහතිකයක් අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇති බව වාර්තා වෙයි.
ඊට අනුව මූල්‍ය අරමුදලේ පහසුකම් ලබාදීම සඳහා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යහුවගත කිරීම සම්බන්ධයෙන් ණය හිමියන්ගෙන් ලබා ගන්නා සහතිකයක් අවශ්‍ය වන බව දැනුම්දී තිබේ.
දරුණු අර්ථික අර්බුදයට මුහුණදීම සඳහා ආධාර පැකේජයක් හඳුන්වාදීම සඳහා වන කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් ඇති කර ගැනීමට ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත.
එසේම මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් එළඹෙන අගෝස්තු 24 වනදා සිට 31 වනදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත අතර එය තීරණාත්මක සාකච්ඡාවටයක් බවත් දැනගන්නට ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
