'ජෝන්ලා ඉවත් කිරීම : ජනාධිපතිවරයා අගමැතිට බැහැ කියලා !

'ජෝන්ලා ඉවත් කිරීම : ජනාධිපතිවරයා අගමැතිට බැහැ කියලා !

විශ්වාසභංග යෝජනාවෙන් පසුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (05) රාත්‍රී පැවති බව 'අද' පුවත්පත වාර්තා කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාස භංගය පරාජයට පත් කිරීමෙන් පසුව ජනපති හා අගමැති හමුවූ ප්‍රථම අවස්ථාව මෙයයි.

එජාප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පිරිසක් ද එම අවස්ථාවට එක්ව තිබේ.

එම හමුව සිදුවූයේ කොළඹ හත මහගමසේකර මාවතේ පිහිටි ජනපති නිල නිවසේදීය.

පැයකට ආසන්න කාලයක් පැවැති ඉහත හමුවේදී ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යෑම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා අදහස් ඉදිරිපත් කර ඇතැයි නිල නොවන ආරංචිමාර්ග පවසයි.

එසේම විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළ නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවටද අග්‍රාමාත්‍යවරයා අදහස් දක්වා ඇත.

එහෙත් ජනාධිපතිවරයා ගෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැතයි වාර්තා වේ.

ආණ්‌ඩුව නියෝජනය කළ ශ්‍රීලනිප ඇමැතිවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, දයාසිරි ජයසේකර, චන්දිම වීරක්‌කොඩි, තිලංග සුමතිපාල, ඩිලාන් පෙරේරා, සුසන්ත පුංචිනිලමේ, ටී. බී. ඒකනායක, අනුරාධ ජයරත්න, තාරානාත් බස්‌නායක, ලක්‍ෂ්මන් වසන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, නිමල් ලන්සා, එස්‌. බී. දිසානායක, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන් සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සුමේධා ජී. ජයසේන යන මහත්මීන් පෙරේදා (04) පැවති විශ්වාස භංග යෝජනාවට අදාල ඡන්දයේදී පක්ෂව ඡන්දය දුන්හ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න