ගෝඨා අත්අඩංගුවට නොගෙන කරන පරීක්ෂණයක් කරන්න - නියෝගයක්

ගෝඨා අත්අඩංගුවට නොගෙන කරන පරීක්ෂණයක් කරන්න - නියෝගයක්
ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමකින් තොරව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ අවසරය මූල්‍ය අපරාධ කොට්ඨාසයට ඇති බව අභියාචානාධිකරණයේ සභාපති විනිසුරු පී. පත්මන් සූරසේන හා ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල අවධාරණය කරයි.
 
ඊයේ (05) අභියාචානාධිකරණ විනිසුරු මඩුල්ල මෙසේ අවධාරණය කර  සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වමින් පසුගිය නොවැම්බර් 9 වන දා අභියාචනාධිකරණය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට දුන් අතුරු තහනම් නියෝගය ලබන මැයි මස 26 වන දා දක්වා දීර්ඝ කිරීමේ නියෝගයක් නිකුත් කරමින්ය.
 
ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම පෙත්සම ගොනු කර ඇත්තේ ඩි. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරිම සඳහා රජයේ දේපළ යොදා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය තමන් අත්අඩංගුවට ගැනීමට සුදානම් වන බවත් පොදු දේපළ පනත යටතේ තමා අත්අඩංගවට ගෙන නීතිමට පියවර ගැනීම වලක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමිනි.
 
ඒ අනුව පෙත්සම සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමටද  අභියාචනාධිකරණය තීරණය කල අතර  ලබන මැයි මස 25 වැනිදා  පෙත්සම් විභාගය ආරම්භ කිරීමට නියමිතව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න