Language Switcher

V2025

ජනාධිපතිගෙන් විවෘත ආරාධනයක් !

ආණ්ඩුව ශක්තිමත් කිරීම සඳහා තමන් පාර්ලිමේන්තුවේ සිටින 225න් ඕනෑම අයෙකුට ආරාධනා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කර ඇත.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ සියළු මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ අද (06) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති හමුවේදීය.

එසේම ජනමතය නිසිලෙස නියෝජනය නොවන විකෘති පළාත් පාලන මැතිවරණ පනත කඩිනමින් සංශෝධනය කලයුතු බවත් එහිදී මන්ත්‍රීධුර ප්‍රමාණයද අඩු කල යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

තවද මැයි 7 වනදා රජයේ නිවාඩු දිනයක් කරන බවද ජනාධිපතිවරයා එහිදී දැනුම්දී ඇත.