කැලණි ගජමුතු හා රන් ගණනය කර නෑ

කැලණි ගජමුතු හා රන් ගණනය කර නෑ

කැලණිය රජමහා විහාරයේ තිබූ ගජ මුතු සහ රන් භාණ්ඩ ප්‍රමාණය පිළිබඳව කිසිදු ගණනය කිරීමක් කිසිදු අවස්ථාවක සිදු කර නොමැති බව එම විහාරයේ සිදුවූ සොරකම පිළිබඳව කළ විමසීමකදී එම විහාරයේ ප්‍රකාශකයෙකු පැවසීය.

එසේ සොරාගත් භාණ්ඩ විහාරය වෙත පරිත්‍යග ලෙස ලැබී ඇති බැවින් ඒ පිළිබඳව කිසිවෙකු ගණනය කිරීමක් නොකරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම සොරකම සිදුකර අප්‍රේල් 05 දිනට දින තුනක් ගතවී ඇතත් මේ වන තෙක් ඊට සම්බන්ධ කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර සොරකම් කළ පුද්ගලයාගේ යැයි සැක ඡායාරූප මාධ්‍යවෙත නිකුත් කිරීමට පොලිසිය කටයුතු කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් අප කළ විමසීමකදී පැවසුවේ අදාළ පරීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතින බවත් සොරාගත් භාණ්ඩ පිළිබඳව තොරතුරු තමන් වෙත වාර්තා වී නැති බවත්ය.

රාවය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න