මුදල් කමිටුවට ඉදිරිපත් වූ යෝජනා සියල්ල : හර්ෂ එකෙන්ම අනුමත කරලා !

 මුදල් කමිටුවට ඉදිරිපත් වූ යෝජනා සියල්ල : හර්ෂ එකෙන්ම අනුමත කරලා !

විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පතට ( අතුරු අයවැයට) රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙයි .

එසේම සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පතටද එම කාරක සභාවේ අනුමැතිය ලැබී ඇති බවත් වාර්තා වෙයි .

නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි නව සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ ( 23) පෙරවරුවේ රැස්ව ඇති අතර එහිදී මෙකී අනුමැතිය හිමිව ඇත .

එසේම කාරක සභාවට ඉදිරිපත් කෙරුණු 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නියෝග, 2007 අංක 48 දරන විශේෂ වෙළෙද භාණ්ඩ බදු පනත යටතේ නියමයන් සහ රේගු ආ‍ඥා පනත (235 වන අධිකාරිය) යටතේ යෝජනා සම්මතයන් සදහාද කාරක සභාවේ අනුමැතිය හිමිව ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න