2023 ට රාජ්‍ය ආදායම් වැඩි කරන වියදම් අඩුකරන අයවැයක් !

2023 ට රාජ්‍ය ආදායම් වැඩි කරන වියදම් අඩුකරන අයවැයක් !

2023 අයවැය හරහා , සියයට 09ක් වන රාජ්‍ය ආදායම සියයට 11.3ක් දක්වා වැඩිකර ගැනීම, සියයට 18.9ක් වන රාජ්‍ය වියදම සියයට 18.1ක් වශයෙන් අඩුකර ගැනීම, ප්‍රාථමික අයවැය ශේෂය ඍණ 4% අගයේ සිට ඍණ 1%ක අගයක් දක්වා අඩු කර ගැනීම සහ අයවැය පරතරය ඍණ 9.9% සිට ඍණ 6.8% දක්වා අඩු කර ගැනීම යන ඉලක්කයන් සපුරා ගැනීමට අපේක්ෂා කරන බව වාර්තා වෙයි .

එසේම 2023 වර්ෂය සඳහා වන අයවැය ඇස්තමේන්තු ශූන්‍ය පාදක අයවැය ක්‍රමවේදය (Zero-Based Budgeting) පදනම් කර ගනිමින් සකස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවත් වාර්තා වෙයි .

මේ සම්බන්ධයෙන් වන කැබිනට් තීරණය අමාත්‍ය මණ්ඩල කර්යාලය විසින් එම නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි .

දිගු කාලීනව රාජ්‍ය ආදායම අඩුවීමත් රාජ්‍ය වියදම වැඩිවීමත් හේතුවෙන් ඇති වූ රාජ්‍ය මූල්‍ය අසමතුලිතතාව මේ වන විට උග්‍ර ආර්ථික අර්බුදයක් බවට පත් වී ඇත.

ඒ හා සම්බන්ධ ආර්ථික අභියෝග මධ්‍යයේ 2023-2025 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ 2023 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම වඩාත් විචක්ෂණශීලීව සහ උපක්‍රමික ප්‍රවේශයක් සහිතව සිදු කළ යුතුව ඇති අතර පවතින ආර්ථික අර්බුදකාරී වාතාවරණය තවදුරටත් තීව්‍ර වීම වැළැක්වීමත් හා අනාගත තිරසරභාවය සඳහා අඩිතාලම දැමීමත් සිදු කළ යුතුව ඇත.

ඒ අනුව, 2023-2025 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂිත රාජ්‍ය මූල්‍ය ඉලක්කයන් මත පදනම්ව දැනට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් 9%ක් වන රාජ්‍ය ආදායම 11.3%ක් දක්වා වැඩි කර ගැනීම, 18.9%ක් වන රාජ්‍ය වියදම 18.1%ක් වශයෙන් අඩු කර ගැනීම, ප්‍රාථමික අයවැය ශේෂය ඍණ 4% අගයේ සිට ඍණ 1%ක අගයක් දක්වා අඩු කර ගැනීම සහ අයවැය පරතරය ඍණ 9.9% සිට ඍණ 6.8% දක්වා අඩු කර ගැනීම යන ඉලක්කයන් 2023 වර්ෂයේ අයවැය මඟින් සපුරා ගැනීමට අපේක්ෂා කරනු ලබයි.

එසේම, 2023 වර්ෂය සඳහා වන අයවැය ඇස්තමේන්තු ශූන්‍ය පාදක අයවැය ක්‍රමවේදය (Zero-Based Budgeting) පදනම් කර ගනිමින් සකස් කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව, 2023 වර්ෂය සඳහා වන අයවැය ඇස්තමේන්තු සකස් කිරීමට අදාළව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න