ගෝඨාභයට ලංකාවට එන්න දෙනවද ? මානව හිමිකම් කොමිසමේ නිර්දේශ මෙන්න !

ගෝඨාභයට ලංකාවට එන්න දෙනවද ? මානව හිමිකම් කොමිසමේ නිර්දේශ මෙන්න !
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙකුට නීත්‍යානුකූලව හිමිවන ආරක්ෂාව පිළිබඳව රජයෙන් සහතිකයක් නොමැතිව ගෝඨාභය රාජපක්ෂ ට ආපසු පැමිණිමට නොහැකි වී ඇති බවට සඳහන් පැමිණිල්ලක් ලැබී ඇති බව සඳහන් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකර ඇත.
 
ඕනෑම පුරවැසියෙකුට ආපසු සිය රටට පැමිණිම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති කරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති උපුටා දක්වමින් මානව හිමිකම් කොමිසම ජනාධිපතිවරයාට යැවූ ලිපියෙන් සිහිපත් කර ඇති අතර එහිදී, කොමිසම ජනාධිපතිවරයට නිර්දේශ කර ඇත්තේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට ඇති තර්ජන සම්බන්ධයෙන් නිසි පියවර ගෙන හිටපු ජනාධිපතිවරයෙකුට නීත්‍යානුකුලව හිමිවන ආරක්ෂාව ලබාදී ආපසු දිවයිනට පැමිණිමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසයි.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ පවුලේ සමාජිකයින්ට ද යළි රටට පැමිණිම සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙස ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රී ලංකා රජයට නිර්දේශ කර තිබේ.

 අදාළ ලිපිය පහත දැක්වෙයි.
 
 HRCSL letter to President on 22 08 2022 1
HRCSL letter to President on 22 08 2022 2
 
මීට පෙර භික්ෂු සංවිධාන, ශ්‍රී ලංකා රමඥ්ඥ නිකායේ අනුනායක, මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද ලිඛිතව සහ සාකච්ඡා අවස්ථා වලදී ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිට පෙරළා මෙරටට පැමිණීමට අවස්ථාව සලසන ලෙස ඉල්ලා තිබිණ. ජූලි 09 අරගලය අවස්ථාවේ ජනාධිපති මන්දිරය අත්හැර , පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ යානයකින් මාලදිවයිනට පළාගිය හිටපු ජනාධිපති, දින 14 ක වීසා කාලසීමා දෙකක් එනම් දින 28ක් සිංගපුරුවේ ගත කළේය. 
 
මේ වන විට ඔහු වෙසෙන්නේ තායිලන්තයේ විශේෂ ආරක්ෂාවක් සහිතවය. ඒද දින 90ක වීසා අවසරයක් මතය. 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න