ආසියානු කුසලාන 20යි විස්ස ක්‍රිකට් ශූරතාව සහ දොළොස්වන ආසියානු දැල්පන්දු ශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම් දෙක හෙට (13) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී උත්කර්ෂවත්ව පිළිගැනීමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වෙයි .
අනතුරුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශේෂ රථ පෙළපාළියකින් කටුනායක ගුවන් තොටුපොළේ සිට මෙට්ලන්ඩ් පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන කාර්යාලය වෙත සහ ක්‍රීඩා අමත්‍යාංශ සංකීර්ණයේ දැල්පන්දු සම්මේලන මූලස්ථානය වෙත කැඳවාගෙන ඒමට නියමිතය.
මෙම රථ පෙළපාළිය ක්‍රීඩා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය එක්ව සංවිධානය කරන අතර ක්‍රිකට් සහ දැල්පන්දු කණ්ඩායම්වල නිල අනුග්‍රාහකයින් වන ඩයලොග් ආසි ආටා සමාගම ඊට සමාදර අනුග්‍රහය දක්වයි. එම අවස්ථාව ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සහ බොහෝ පෞද්ගලික රූපවාහිනී නාළිකා විසින් වරින් වර සජීව විකාශය කරනු ලැබේ.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් උදෑසන 6.30ට ආරම්භ කිරීමට නියමිත රථ පෙළපාළිය කොළඹ - මීගමුව මාර්ගයේ පෑලියගොඩ හන්දිය, මරදාන හන්දිය, ඩාර්ලි පාර, යූනියන් පෙදෙස, ඇලෙක්සැන්ඩ්‍රා පාර ඔස්සේ නිදහස් මාවතට පැමිණෙන අතර එම ස්ථානවලදී විශේෂ පිළිගැනීම් උත්සව සංවිධානය කර තිබේ.
මාතෘ භූමිය ආසියාවේ ඉහළින්ම ඔසවා තබමින් ජාත්‍යන්තර කීර්තියක් අත්පත් කර දුන් මෙම ක්‍රීඩක ක්‍රිඩිකාවන් දිරිමත් කිරීමට ජාතික ධජ අතැතිව ගමන් මග දෙපසට එක්වන ලෙස සියලු ජනතාවට ආරාධනා කෙරේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
