ආණ්ඩුවට ගිය ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් එළියට : ඉදිරි ගමන ජනාධිපති සමග !

ආණ්ඩුවට ගිය ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් එළියට : ඉදිරි ගමන ජනාධිපති සමග !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කළ බවට මෙතෙක් දැනුවත් කර නොමැති බව එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපතිවරයෙකු වූ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වය සහ පක්ෂයේ මෙතෙක් දැරූ සියලුම තනතුරුවලින් නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, රංජිත් සියඹලාපිටිය, ජගත් පුෂ්පකුමාර සහ චාමර සම්පත් දසනායක ඉවත් කළ බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නිවේදනය කර ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත .

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසන්නේ මන්ත්‍රීවරුන් පක්ෂයෙන් ඉවත් කිරීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනාගතයක් නොමැති බවය.

තමන් ඇතුලු මන්ත්‍රීවරුන් හයදෙනා ආණ්ඩුවට එක්ව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කර ඇති සර්ව පාක්ෂික ආණ්ඩුවට බවත් අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කරයි.

ආණ්ඩුවේ අමාත්‍ය ධූර භාරගත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රීලනිප නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි .

freedom

ශ්‍රීලනිපය පුපුරයි !

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමේ බහුතරය මේ වන විට එම පක්ෂයට අහිමිව ඇති බවයි.

ඒ අනුව ජනතා ප්‍රසාදයක් ඇති බහුතර මන්ත්‍රී කණ්ඩායම ආණ්ඩුව නියෝජනය කිරීම තුළ පක්ෂය තවදුරටත් දුර්වල වනු ඇති බවත් , ඉදිරි කැබිනට් මණ්ඩල සංශෝධනයක් අවස්ථාවේ තවත් මන්ත්‍රීවරයකු ද ආණ්ඩුව සමග එක්වීමට නියමිත බවට දේශපාලන ක්ශේත්‍රයේ රාවයක් ඇති බවත් විචාරකයන් සිහිපත් කරයි.

මතුව ඇති තත්ත්වය හමුවේ පක්ෂය රාජපක්ෂවරුන් ගේ ඉවත්වීමට සාපේක්ෂව තවදුරටත් දුර්වල වනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් වැඩිදුරටත් සඳහන් කරන්නේ බොහෝ දුරට මෙම ඉවත් කළ පිරිසෙන් බහුතරය ඉදිරියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය මුල්වී ගොඩනගන සන්ධානයක් හරහා දේශපාලන කටයුතුවලට නිරතවීමට වැඩි ඉඩක් ඇති බවය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න