ජනාධිපති කොමිසමෙන් නි සොලිසිටර් ජනරාල් වෙත නිකුත්කළ නිර්දේශ අහෝසියි !

ජනාධිපති කොමිසමෙන් නි සොලිසිටර් ජනරාල් වෙත නිකුත්කළ නිර්දේශ අහෝසියි !

දේශපාලන පලිගැනීම් පිළිබද ජනාධිපති කොමිසම විසින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර සම්බන්ධයෙන් ලබාදෙනු ලැබ ඇති සියලුම නිර්දේශ අහෝසි කරමින් අභියාචනාධිකරණය අද (28) රිට් ආඥාවක් නිකුත් කර ඇත .

ජනාධිපති කොමිසම ලබාදී තිබූ අදාළ නිර්දේශයන් ක්‍රියාත්මක කිරිමට ඉකුත් ජනවාරි මස 18 වැනිදා ලබා දුන් අමාත්‍ය මණ්ඩල තීරණය අහෝසි කරමින් ද අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කළේය.

දේශපාලන පිළිගැනීම් පිළිබද සොයා බැලීමේ ජනාධිපති කොමිසම විසින් තමන් සම්බන්ධයෙන් සිදුකර ඇති සියලුම නිර්දේශයන් බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසට ඉල්ලා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණය හමුවේ ගොනුකර තිබූ රිට් පෙත්සමක තින්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණය මෙසේ නියෝග කර ඇත .

නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඩී. එම්. සමරකෝන්, සහ ලෆාර් තාහීර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම රිට් පෙත්සමේ තින්දුව ප්‍රකාශයට පත් කෙරිණී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න