ලිට්‍රෝ වැඩ පෙන්නයි : ලෝක බැංකු ණයෙන් කොටසක් භාණ්ඩාගාරයට ගෙවයි !

ලිට්‍රෝ වැඩ පෙන්නයි : ලෝක බැංකු ණයෙන් කොටසක් භාණ්ඩාගාරයට ගෙවයි !

ගෑස් සැපයුම පවත්වාගෙන යෑම සඳහා ලෝක බැංකුවෙන් ලැබුණු ඩොලර් මිලියන 70 ක (රුපියල් කෝටි 2600) ණය මුදලින් රුපියල් කෝටි 650 ක් භාණ්ඩාගාරයට ගෙවූ බවත් එම සම්පූර්ණ ණය මුදල දෙසැම්බර් මාසයේ භාණ්ඩාගාරයට ගෙවා අවසන් කරන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් අද (28) පැවසීය.

එම ණය මුදලේ පළමු කොටස පසුගිය ජූලි මස ලිට්‍රෝ සමාගමට ලැබීමෙන් පසුව එහි මැද කොටසෙන් ගෑස් සඳහා ගෙවීම් කරමින් සිටින බව සඳහන් කරන සභාපතිවරයා අවසන් ණය කොටස ලැබෙමින් තිබෙන බව ද පැවසීය .

එම ණය මුදලේ තවත් කොටසක් ලෙස ඔක්තෝබර් මස රුපියල් බිලියන 8 ක් (කෝටි 800) ගෙවීමට ද බලාපොරොත්තු වන බවත් එම ණය වසර 10 කට අධික කාලයක් ඇති දීර්ඝ කාලීන ණයක් වුවද භාණ්ඩාගාරයට පියවීම ආරම්භ කිරීම ලිට්‍රෝ සමාගම රට මුහුණ දී සිටින මූල්‍ය අර්බුදය හමුවේ හොඳින් කළමනාකරණය කරන බවට කදිම නිදසුනක් බවත් ඔහු පවසයි .

ලෝක බැංකුව ලබාදුන් ඩොලර් මිලියන 70 ක ණය සම්පූර්ණයෙන් ලබාගැනීමට පෙර රටේ එහි හිමිකරුවන මහා භාණ්ඩාගාරයට ගෙවීමට හැකිවීම පිළිබඳව සතුටුවන බව ද ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් වැඩි දුරටත් සඳහන් කළේය .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න