අධ්‍යාපන අමාත්‍යාංශය අනුමත කරන පාසල් ගාස්තු හැර ළමා, ගුරු ඇතුළු විවිධ දින මූලික කරගත් උත්සව සඳහා මවුපියන්ගෙන් මුදල් එකතු කිරීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ පාසල් බලධාරීන්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර ඇත .
පාසල්වල අවිධිමත් ලෙස මුදල් අය කිරීම තහනම් කරමින් 2015/5 චක්‍රලේඛය නිකුත් කර ඇති බව පැවසූ අධ්‍යාපන ලේකම්වරයා මවුපියන් දැඩි ආර්ථික අපහසුතා මැද සිටින අවස්ථාවක ඔවුන් මත අනවශ්‍ය බර පටවමින් කටයුතු නොකිරීමට විශේෂයෙන් විදුහල්පතිවරුන් වග බලා ගත යුතු බවද ප්‍රකාශ කර තිබේ.
පාසල් දරුවන්ගෙන් සහ මවුපියන්ගෙන් විවිධ ආකාරයේ මුදල් ඇයි කිරීමේ සිද්ධීන් ගණනාවක් පිළිබඳව පසුගිය දිනවල තොරතුරු අනාවරණය කෙරිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
