හර්ෂ එළියට චරිත ඇතුළට : සජිත්ගේ වැඩක් !

හර්ෂ එළියට චරිත ඇතුළට : සජිත්ගේ වැඩක් !

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) සඳහා එම කමිටුවේ හිටපු සභාපති චරිත හේරත් සාමාජික මන්ත්‍රීවරයකු ලෙස නැවත පත්කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා ඇත.

විපක්ෂ නායකවරයා මේ ඉල්ලීම සිදුකර ඇත්තේ අද (04) පාර්ලිමේන්තුවේදීය.

නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි තෙවැනි සභාවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු ඊයේ (3) පත්කරනු ලැබු අතර ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත්ගේ නම ඇතුළත්ව තිබුණේ නැත.

තම පක්ෂය එම කමිටුව සඳහා ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ නම මුලින් යෝජනා කර තිබුණු බවත් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා එම කමිටුවෙන් ස්වෙච්ඡාවෙන් ඉවත්වීමට තීරණය කර ඇති බැවින් ඒ පුරප්පාඩුව සඳහා කෝප් කමිටුවේ හිටපු සභාපති චරිත හේරත් නැවත පත් කරන ලෙස යෝජනා කරන බවත් විපක්ෂ නායකවරයා එහිදී යෝජනා කර ඇත.

මේ අතර සිය නම කෝප් කමිටුවට යෝජනා නොවීම හේතුවෙන් මැසිවිලි නගමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් ඊයේ සිය ට්වීටර් ගිණුමේද සටහනක් තබා තිබිණ.

කෝප් කමිටුවේ සද්දය විතරයි !

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ, වර්තමානය වන විට මන්ත්‍රීවරුන් කෝප් සාමාජිකත්වය සහ එහි සභාපතිත්වය පෞද්ගලික දේශපාලන ජනප්‍රියත්වය වෙනුවෙන් යොදාගන්නා ස්වභාවයක් පෙන්නුම් කරන බවයි.

විශේෂයෙන් කෝප් සභාපතිත්වය හොරු දුෂිතයන් අල්ලන, ඔවුන් නීතිය හමුවට ගෙනෙන පොලිස් කාර්යයක් වැන්නක් ලෙස අඟවන නමුත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන ඕනෑම මන්ත්‍රීවරයෙකුට සිය වරප්‍රසාද පවා යොදා ගනිමින් අධිකරණ ක්‍රියාමාර්ග සම්බන්ධව අවධානම පවා නොගෙන හොරු දුෂිතයන් අනාවරණය කළ හැකි බවත් විචාරක මතයවී තිබේ.

පසුගිය කෝප් කමිටු සභාපතිවරයකු වූ සුනිල් හඳුන්නෙත්ති සිය ධූරය සූක්ෂම ලෙස පක්ෂයේ ප්‍රචාරණ යාන්ත්‍රණය සමඟ මුසුකර කැපීපෙනෙන චරිතයක් ලෙස මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ පෙනී සිටියත් ජනතා ජන්දය ඔහුට නොලැබුණ බවත් දේශපාලන විචාරකයන් සිහිපත් කරයි.

කෙසේ වුවත් කෝප් සභාපති ධුරය දිගටම සරල ආණ්ඩු විරෝධයට හෝ පෞද්ගලික දේශපාලන ප්‍රචාරකවාදයට යටකර දමුණහොත් ඊට හිමි සංකේතීය වටිනාකමද අහිමිව යනු ඇති බවත් විචාරක මතයවී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න