ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහ පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් මහින්ද අමරවීර වෙත අනුකම්පා කළ යුතු බවත් තමන්ට දිනා ගැනීමට හැකිවූවා නම් "අන්න මිනිස්සු" ලෙස ඒකාබද්ධ විපක්ෂයේ 09 පැවති සාකච්ඡාවකදී සඳහන්ව තිබෙන බව වාර්තා වෙයි.
ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් පැවති සාකච්ඡාවකදී වන අතර එහිදී දුමින්ද හා අමරවීර මෛත්‍රී ජනාධිපති වෙනුවෙන් තම දේශපාලන ජීවිතයම පරදු තබා ඇති බවත් එය තම කඳවුරේ නොසිටියත් ගරු කළයුතු කරුණක් බව එහිදී සාකච්ඡාවී ඇති බවද වාර්තා වෙයි.
මෙහිදී අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඇත්ත දැන දැන නායකත්වය රකින බව දන්නවා නම් මීට පෙර තමන් ඔවුන්ට බෙහෙත් දෙන බවත් රනිල් නොදුන්නොත් ඉතා ඉක්මනින් තමන් ඒ අවස්ථාව උරගා බලන බවත් ය.
ජනාධිපතිවරයාට තම නායකත්වය මත පිහිටා තීන්දුවක් ගැනීමට නොහැකියාවක් තිබීම තම පාර්ශවයේ වාසනාවක් බවත් ඒ පෞරුෂ අර්බුදය හමුවේ අමරවීර සහ දුමින්ද ඉදිරියේදී එජාපයට එකතුවීමට ඉඩ නොදී කෙසේ හෝ ශ්‍රීලනිපයේ තබාගත යුතු බවට සාකච්ඡාවූ බවද අපට වාර්තා වී ඇත.

