යෝජිත පළාත් පාලන මැතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තිරප්පනේ ප්‍රාදේශිය සභාවට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයකු නීති විරෝධි මත්පැන් (කසිප්පු) පෙරමින් සිටියදි තිරප්පනේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තිරප්පනේ,උට්ටිමඩුව පදිංචි 28 හැවිරිදි අයෙකුය.
ගෝඩා මිලි ලීටර් ලක්ෂ 18ක් සමඟ නීති විරෝධි මත්පැන් ස්ප්‍රීතු මිලි ලීටර් 3750ක් සමඟ මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.
මෙම අපේක්ෂකයා මත්පැන් පෙරමින් සිට ඇත්තේ කැලෑබද ප්‍රදේශයක වන අතර සැකකරු නීති විරෝධිව මත්පැන් පෙරමින් සිටින බවට ලද තොරතුරක් මත පොලීසිය මෙම වැටලීම කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
