මුදල් ගෙවන තුරු ඡන්ද පත්‍රිකා දෙන්න බැහැ - මුද්‍රණාලයාධිපතිනිය

මුදල් ගෙවන තුරු ඡන්ද පත්‍රිකා දෙන්න බැහැ - මුද්‍රණාලයාධිපතිනිය

2023 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව දැනට මුද්‍රණය කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා අවශ්‍ය මූල්‍ය ගෙවීම් සිදුකරන තුරු මැතිවරණ කොමිසමට භාරදිය නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී ලියනගේ  එම කොමිසමට දැනුම් දී තිබේ.

මේ වනවිට දිස්ත්‍රික්ක 17කට අදාළව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් නමුත් ඒවා යළි පරීක්ෂා කිරීම පොලිස් ආරක්ෂාව යටතේ සිදුකළ යුතු වුවද ඒ සඳහා මේ වනතෙක් මුදල් ලැබී නොමැති බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කර සිටී.

ඡන්ද ප්‍රතිකා මුද්‍රණය සඳහා මේ වනවිට රුපියල් කෝටි 20ක මුදලක් වැයවී ඇති අතර මේ දක්වා කොමිසමට ලැබී ඇත්තේ රුපියල් කෝටි 4ක මුදලක් පමණක් බවද මුද්‍රණාලයාධිපතිනිය පැවසුවාය.

මේ දක්වා වැය වූ මුදල් නොලැබීම හේතුවෙන් මුද්‍රණාලයේ අභ්‍යන්තර කටයුතු පවත්වාගන යාමේ අර්බුදයක්ද මතුව ඇති බව ඇය පෙන්වා දුන්නාය.

පවතින තත්ත්වය හමුවේ තැපැල් ඡන්ද පත්‍රිකා එළඹෙන සඳුදා දිනය වනවිට කොමිසමට භාරදිය නොහැකි බවද ඇය සඳහන් කළාය.

කෙසේවෙතත් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී.පුංචිහේවා මහතා සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුළ අදාළ ඡන්ද පත්‍රිකා ලැබුනහොත් තැපැල් ඡන්ද විමසීම සැලසුම් කළ පරිදි පැවැත්විය හැකි බවය.

මේ අතර පළාත් පාලන ආයතන 340 ක නිල කාලය හෙට (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.

ඒ අනුව එම ආයතනවල නගරාධිපතිවරුන්ට සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට ලබාදී ඇති නිල වාහන අද දිනය තුළ කොමසාරිස්වරුන්ට හා ලේකම්වරුන්ට භාර දිය යුතුය.

එමෙන්ම එම ආයතනවල සභිකයින් සඳහා ගෙවන දීමනාවන්ද මාර්තු පළමුවනදා සිට මාර්තු 19 වනදා දක්වා පමණක් ගෙවීමටද තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ සඳහන් කළේය.‍

DERANA

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න