රජය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර අත්සන් කර ඇති ගිවිසුම සම්බන්ධයෙන් පැවැත්වෙන තුන්දින විවාදයට විපක්ෂයේ පක්ෂ වර්ජනය කිරීමේ උත්සාහයක් පවතී.
මේ වන විට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති එම ගිවිසුමේ ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් බවත් සිංහල හා දෙමළ භාෂා පරිවර්තන ඉල්ලා සිටිමින් අදාළ විවාදය වර්ජනය කිරීම විපක්ෂයේ සූදානම බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
අදාළ ගිවිසුම සම්බන්ධයෙන් විවාදය පාර්ලිමේන්තුවේදී 26 ,27, 28 යන දිනවල පැවැත්වීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ විපක්ෂය භාෂා ප්‍රශ්නයක් මුල්කරගනිමින් මේ උත්සාහ කරන්නේ එම විවාදයෙන් පැන යාමට බව ය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසන්නේ විවාදය පැවැත්වීම සඳහා සිංහල හා දෙමළ භාෂාවලින් එම පිටපත් අත්‍යවශ්‍ය වන බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
