අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ඉහළ නංවන ලද ඉන්ධන කෝටාව නැවත දැනුම් දෙන තුරු නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සදහන් කරයි.
ඊයේ(24) විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් පැවති ඛනික තෙල් සංස්ථා ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
මෙම ඉන්ධන කෝටාව ඉහල නැංවීම හේතුවෙන් මාසික ඉන්ධන සැලසුමේ වෙනසක් නොවන බව නිරීක්ෂණය වී ඇති බවත් පසුගිය සති තුනේ දෛනික ඉන්ධන භාවිතය සහ ඉන්ධන නිකුතුව පිලිබඳ දත්ත නිරීක්ෂණය කිරීමේ දී ද, ඉන්ධන කෝටාව වැඩි කිරීමට පෙර පැවති දෛනික ඉන්ධන නිකුතුව හා සමාන බවද නිරීක්ෂණය වී ඇති බවත් අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම ඉන්ධන කෝටාව ඉහල නැංවීමෙන් පසු QR කේතය අවභාවිතා කිරීම සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
