මෙරට සිල්ලර ඉන්ධන අලෙවිය සඳහා වූ ගිවිසුම්වලට එළඹීමට සහ මෙහෙයුම් ආරම්භ කිරීමේ කටයුතු සඳහා Sinopec නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එම කණ්ඩායමේ තාක්ෂණික විශේෂඥ කණ්ඩායමක් ද සිටින බවය.
එම කණ්ඩායම සහ අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ එම අමාත්‍යාංශයේදී සිදුව ඇත.
එහිදී එම ගිවිසුමට අදාළ කාලසටහන්, ගිවිසුමේ කොන්දේසි සහ ඊට අදාළ අනෙකුත් ගැටළු පිළිබඳව සාකච්ඡා සිදුකර තිබේ.
මේ අතර එළඹෙන මැයි මාසයේදී ඊට අදාළ ගිවිසුම්වලට අත්සන් කිරීමටත් දින 45 ක් ඇතුළත මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට එකඟ වූ බවත් අමාත්‍යවරයා සිය ට්විටර් පණිවුඩයෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
