අද (20) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක සහ සෙසු බේකරි නිෂ්පාදන මිල රුපියල් 10 කින් පහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති, එන් .කේ ජයවර්ධනමහතා සඳහන් කළේ, අද (20) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල අඩුවීම සිදුකරන බවයි.
මීට සමගාමීව අනෙකුත් බේකරි නිෂාපදනවල මිල ගණන්ද රුපියල් 10 කින් පහත දමා ඇත.
තිරිඟු පිටි මිල පහළ යෑම සැලකිල්ලට ගනිමින්, මෙම සහනය පාරිභෝගිකයින්ට ලබා දෙනු ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
