ඩෙංගු රෝගයෙන් ආරක්ෂාව වීම සඳහා බස්නාහිර පළාත් පාසල් ළමුන් පාසල් නිල ඇඳුමට අමතරව ශරීරයට ගැලපෙන ළා පැහැති ඇඳුමකින් සැරසී පැමිණෙන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය ඉල්ලීමක් කර සිටියි.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ සභාපති වෛද්‍ය නලින් ආරියරත්න සඳහන් කර සිටින්නේ පාසල් ළමුන්ගේ ඩෙංගු වැලඳිමේ ප්‍රවණතාවයක් පසුගිය කාලයේ ඉහළ යෑම හේතුවෙන් එම තීරණය ගත් බවය.
ඒ පිළිබඳ අදහස් දක්වමින් ඔහු මෙසේද සඳහන් කර ඇත.
"බස්නාහිර පළාතේ පාසල් ළමුන් පාසලට පැමිණෙන විට තමන්ගේ නිල ඇඳුමට අමතරව ශරීරය වැසෙන ආකාරයේ ළා පැහැති ඇඳුමකින් සැරසිලා, උෂ්ණත්වයට ගැලපෙන ඇඳුමකින් එන්න කියන යෝජනාව අපි අදාළ අංශ වෙත යොමු කරලා තියෙනවා. ආණ්ඩුකාරතුමාගේ අනුමැතියත්, ප්‍රධාන ලේකම්තුමාගේ අනුමැතියත්, අධ්‍යාපන ලේකම්වරයාගේ අනුමැතියත් එයට හිමිවෙලා තිබෙන බව අපට දැනගන්න ලැබුණා. ඒක හොඳ කාර්යයක් විදියට අපි දකිනවා. ඒක මේ අවධානම් තත්ත්වය පහව යන තුරු සිදුකරන්න."
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
