සැප්තැම්බරයට පෙර ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කරනවා !

සැප්තැම්බරයට පෙර ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කරනවා !

මෙම වසරේ සැප්තැම්බර් මාසයට යෙදී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ඇගයීමට පෙර ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කරයි.

කොළඹ පැවති උත්සවයක් අමතමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

"ජාත්‍යන්තරය ගැන අවධානය යොමුකරන, තිරසාර, පෞද්ගලික අංශයට ප්‍රමුඛත්වය හිමිවන දීප්තිමත් ඩිජිටල් ආර්ථිකයක් ලෙස, ශ්‍රී ලංකාවේ හැකියාවන් විදහාපෑම සඳහා දොරටු විවෘත කිරීම රජයේ දැක්මයි. ශ්‍රී ලංකාවේ තත්ත්වය සාමාන්‍ය අතට හැරෙන ආකාරය ද එහිදී දැකිය හැකියි. ආයෝජන ආකර්ෂණය කරගනිමින්, සංචාරක කර්මාන්තයේ ප්‍රගමනයක් ඇතිකරමින්, කුසලතා යළි රටට ගෙන ඒමට එමගින් හැකි වනු ඇතියි.

"අපේ කුසලතා පූර්ණ පිරිස් නැවත රටට කැඳවන ව්‍යාපෘතිවලට සහායවීමට රජය ඉතා කැමැත්තෙන් සිටින අතර මේ වසරේ සැප්තැම්බරයට යෙදී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ඇගයීමට පෙර ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටිනවා. එහි සාර්ථක පළමු ඇගයීම තුළින් ශ්‍රී ලංකාව ස්ථායිකරණ මට්ටමේ සිට 2024 වසරේ සිට වර්ධන මාවතකට යොමුකිරීමට පදනම සකස් කරනු ඇතියි.

"වර්ධනය උත්තේජනය කරලමින් ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ප්‍රධාන ක්ෂේත්‍රයන්හි ආයෝජන ඉහළ නැංවීමට පියවර ගැනෙනවා. එහිදී ශ්‍රී ලංකාව නැවතත් ආයෝජන සහ ව්‍යපාර සඳහා ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් බවට පත්වේවි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න