උමාරාගේ සිදුවීම දඩමීමා කරගෙන නටන නාඩගම සැකයි ! (වීඩියෝ )

උමාරාගේ සිදුවීම දඩමීමා කරගෙන නටන නාඩගම සැකයි ! (වීඩියෝ )

ජනප්‍රිය ගායන ශිල්පිනී උමාරා සිංහවංශ ජාතික ගීය විකෘති කළ බවට චෝදනා කරමින් ඇතැම් මාධ්‍ය විසින් ගෙනයන ප්‍රචාරක මෙහෙයුම පිටුපස, රටේ නොසන්සුන්තාවයක් ඇති කර යලිත් වරක් ජාතිවාදී කෝලාහලයක් ඇතිකිරීමේ උවමනාවක් ඇත්දැයි සොයා බලන ලෙස ඉල්ලා ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිකන් දෙදෙනෙකු වන නීතිඥ සේනක පෙරේරා සහ ප්‍රසංග ප්‍රනාන්දු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (03) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ජාතික ගීය විකෘති කර ගායනා කලායැයි චොදනා කරමින් උමාරා සිංහවංශ ගායන ශිල්පිනිය මූලික කරගෙන ප්‍රධාන දහරාවේ මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය තුල ජාතිවාදය වපුරා රටේ නොසන්සුන්තාවක් ඇතිකිරීමට විවිද පාර්ශවයන් බලාපොරොත්තුවන බවත්, එහෙයින් කුමන හෝ කණ්ඩායමකට යලිත් වරක් ජාතිවාදය ඇවිස්සීමට උවමනාවක් ඇත්දැයි සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුවට වගකීමක් ඇති බවත් මානව හිමිකම් ක්‍රියාකාරික ප්‍රසංග ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කර ඇති ලිඛිත පැමිණිල්ල මගින් අවධාරණය කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතරුව මාධ්‍ය ඇමතු ප්‍රසංග ප්‍රනාන්දු, රටේ පවතින දුෂ්කරතා සහ දේශපාලන අස්ථාවරභාවය මධ්‍යයේ රටේ ජාතිවාදය අවුස්සා වෙනත් අරමුණු ඉටුකර ඉටුකරගැනීමට උත්සාහ කරන පිරිසක් සිටින බව සඳහන් කළේය.

ජාතිවාදය මතින් කෙසේ හෝ බලයට පැමිණීමට උත්සාහ දරණ ඇතැමුන්, විටින් විට ජාතිවාදය ඇවිස්සීමට ක්‍රියාකරන බවටද ඔහු මෙහිදී චෝදනා කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න