ෆොන්සේකාගෙන් ජනපතිට බරපතල චෝදනාවක් !

ෆොන්සේකාගෙන් ජනපතිට බරපතල චෝදනාවක් !

නීතිය හා සාමය ඇමති ධුරය තමන්ට නොලැබුනේ ජනාධිපතිවරයා කකුලෙන් ඇද්ද නිසා බව ෆීල්ඩ් මාර්ෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

අලුතින් සිදුකිරීමට නියමිත කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

‘පහුගිය දවස්වල මං දැක්ක ජනාධිපති කියල තියෙනව ඇමතිකම් දෙනකොට විදේශ ආකල්ප බලන්න ඕන කියල. එහෙම බලන්නෙ කොහෙද එහෙම බලන්න ගියොත් ඉතින් අපෙ ඇදන් ඉන්න වස්තරෙත් නැතිවෙන විදිහට තමයි වැඩ සිද්ද වෙන්නෙ'' ඔහු එහිදී කියා සිටියේය.

වීඩියෝ

අමාත්‍ය ෆොන්සේකා මහතා එබව සඳහන් කළේ, පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම පිණිස ලන්ඩන් නුවරට ගිය අතරවාරයේ ජනාධිපතිවරයා 'බීබීසී සිංහල සේවය' සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් සිදුකල ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

කැබිනට් අමාත්‍ය පදවිවලට පුද්ගලයන් පත් කිරීමේදී රට තුළ පවතින තත්වය පිළිබඳ පමණක් නොව එම පදවිවලට පත්වන පුද්ගලයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් පවතින පිළිගැනීමත් සැලකිල්ලට ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී පැවසිය.

කෙසේවුවද, ඉදිරි කැබිනට් සංශෝධනයේදී මෙතෙක් ශ්‍රීලනිපය සතුව පැවති සමෘද්ධි (සමාජ සවිබල ගැන්වීම්) අමාත්‍යංශය අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා වෙත ලබාදීමට අගමැතිවරයා නිර්දේශ කර ඇතැයි අගමැති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

සබැඳි පුවත :

කැබිනට් පදවි ගැන ජාත්‍යන්තර පිළිගැනීමකුත් අවශ්‍යයි - ජනපති 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න