අමාත්‍ය මණ්ඩල සංශෝධනය මැයි 1 : ආණ්ඩුවෙන් ගිය 3 කටත් අමාත්‍යධුර ?

අමාත්‍ය මණ්ඩල සංශෝධනය මැයි 1 : ආණ්ඩුවෙන් ගිය 3 කටත් අමාත්‍යධුර ?

ඇමති මණ්ඩල සංශෝධනය මැයි 1වනදා සිදු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා ඇත.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ දඹුල්ල ශ්‍රී වලගම්බා විහාරස්ථානයේදී පැවති උත්සව සභාවක් අමතමින්ය. 

ආණ්ඩුවෙන් ගිය 3 කටත් අමාත්‍යධුර

මේ අතර යෝජිත නව කැබිනට් සංශෝධනය අවස්ථාවේ ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 කණ්ඩායමේ 3 දෙනෙකු සඳහාද අමාත්‍යධුර ලබාදීමේ සුදානමක් ඇති බවද වාර්තා වෙයි.

එම තිදෙනා ජනාධිපතිවරයා සමඟ සිදුකළ සාකච්ඡාවකින් පසුව මෙම සුදානම දියත්ව ඇති බවත් අමාත්‍ය මණ්ඩල සංශෝධනය මෙතෙක් පමාවීමට එම හේතුවද බලපෑ බවත් දැනගන්නට ඇත.

මේ සම්බන්ධව ආණ්ඩුවේ සිටින ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකුද ප්‍රසිද්ධ පුවත්පතකට ප්‍රකාශයක්ද සිදුකර ඇති අතර එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ආණ්ඩුවෙන් ඉවත්වූ තිදෙනාට අමතරව තවක් පිරිසක් ද ශ්‍රීලනිප පාර්ශවය යටතේ ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීමේ උත්සාහයක් ඇති බවය.

කෙසේ වුවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප කණ්ඩායමට අමාත්‍යධුර ලබාදීම සම්බන්ධව මෙතෙක් එජාප පාර්ශවයේ ප්‍රතිචාරයක් ලැබී නොමැති බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න