රත්නපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා පත් කරගත් ක්‍රමවේදය සහ එහිදී පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරිය කටයුතු කළ ආකාරය සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැඩි විරෝධය පල කර සිටියි.
රත්නපුරදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් මේ පිළිබඳ චෝදනා එල්ල කර සිටියේය.
එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා සඳහන් කර සිටියේ එජාපය සමඟ එකතුව නගරාධිපති පත්කර ගැනීම පවිත්‍රා වන්නිආරච්චි සහ කාංචන ජයරත්න සිදුකළ දේශපාලන මගඩියක් බවය.
එසේම UNP යනු කුණුවූ ගැරඬි කුණක් බවත් සක්විති රජකම වෙනුවෙන්වත් ඒ සමඟ එකතුවීම තමන් ප්‍රතික්ෂේප කරන බවද ඔහු පැවසීය.
එම අවස්ථාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එකතුවී රත්නපුර නගර සභාවේ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවට ඡන්දය ලබාදුන් විශාල පිරිසක් මේ සම්බන්ධයෙන් කණගාටුවෙන් සිටින බවය.
ඊට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මෙසේ පැවසීය.
"මට පක්ෂයෙන් උදේ කතා කරලා කිව්වා පක්ෂය ඉදිරිපත් කරන කෙනා ජයග්‍රහණය කරවන්න කටයුතු කරන්න කියලා. මම ගියා ඒ කියපු විදිහට කරන්න. නමුත් මම ඉස්සරහම තමයි එක්සත් ජාතික පක්ෂය දැන් ඉන්න නගරාධිපතිව යෝජනා කළේ. යෝජනාව ස්ථිර කළෙත් එක්සත් ජාතික පක්ෂයෙන්. කොමසාරිස්තුමා ඇහුවා එකඟද කියලා. එයත් ඔව් කිව්වා. මෙහෙම තීන්දුවක් ගන්න බැරි පක්ෂයක් මොකටද කියන ප්‍රශ්නය මෙතන තියනවා.

