'LTTE පාලනයක් පැමිණිය යුතුයි' කී විජයකලා නිදහස් කිරීමට නියෝගයක්

'LTTE පාලනයක් පැමිණිය යුතුයි' කී විජයකලා නිදහස් කිරීමට නියෝගයක්

LTTE සංවිධානය යළි නගා සිටුවිය යුතු බවට 2018 වසරේ ප්‍රකාශයක් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටි හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (ඔක්තෝම්බර් 19 වැනිදා) නියෝග කළේය.

මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ අද කැඳවනු ලැබීය.

මීට පෙර පොලීසිය විසින් අධිකරණයට දැනුම් දී තිබුණේ මෙම සැකකාරියට එරෙහිව නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් කරුණු නොමැති බවට නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවය.

පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකකාර විජයකලා මහේෂ්වරන් අධිකරණය හමුවේ පෙනී සිටියාය.

මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ සැකකාරියට එරෙහිව නඩු කටයුත්තක් පවත්වාගෙන නොයන බවට නීතිපතිවරයා තීරණය කර ඇති හෙයින් ඇය නිදහස් කිරීමට නියම කරන බවය.

2018 වසරේ ජූලි මස 2 වැනිදා යාපනය වීරසිංහම් ශාලාවේ පැවති රැස්වීමක දී LTTE සංවිධානය යළි නඟාසිටුවිය යුතු බවට ප්‍රකාශයක් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ට එරෙහිව කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම පැමිණිල්ල කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබුණි.

එල්.ටී.ටී.ඊ සංවිධානය පිළිබඳ ප්‍රසිද්ධ උත්සවයකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් (2018 ඔක්තෝබර් 8වැනිදා) අත්අඩංගුවට ගන්නා ලද විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය පසුව ඇප මත මුදා හැරිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න