මාන්නප්පෙරුමට සති 4ක් පාර්ලිමේන්තුව තහනම්

මාන්නප්පෙරුමට සති 4ක් පාර්ලිමේන්තුව තහනම්

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මානප්පෙරුමගේ පාර්ලිමේන්තු සේවා  කාලය සති 4කට අත්හිටුවන බව කතානායකවරයා නිවේදනය කළේ ය. 

ඒ පාර්ලි‍මේන්තු සභා ගර්භය ඇතුළත තිබියදී සෙංකෝලය ස්පර්ශ කිරීම හේතුවෙනි.

කතානායකවරයා  ප්‍රකාශ කළේ,  පාර්ලි‍මේන්තු සභා ගර්භය‍ තුළ තිබියදී සෙංකෝලය ස්පර්ශ කිරීම  බරපතළ විනය විරෝධි ක්‍රියාවක් බවයි. 

සභාවේ කටයුතු අතරතුර වාචික ප්‍රශ්න විමසන අවස්ථාවේ මන්ත්‍රීවරුන් අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් මත පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබීමට ද කතානායකවරයා කටයුතු කළේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමගේ සේවය අත්හිටුවමින් කතානායකවරයා කළ ප්‍රකාශය;

“ස්ථාවර නියෝග 77 3 ප්‍රකාරව බරපතළ විනය විරෝධී ක්‍රියාවක් ලෙස සෙංකෝලය පාර්ලිමේන්තුවේ සභාගර්භයේ තබා ඇති අවස්ථාවක ස්පර්ශ කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපෙරුම අද දින සභා ගර්භය තුළදී සිදු කරන ලද බැවින් එකී ස්ථාවර නියෝග ප්‍රකාවර එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ සේවය අද දින සිට සති 4කට අත්හිටුවන බව දන්වනු කැමැත්තෙමි.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න