ප්‍රධාන පෙළේ චීන සමාගම් කිහිපයක් සමඟ ජනපති සාකච්ඡා පවත්වයි !

ප්‍රධාන පෙළේ චීන සමාගම් කිහිපයක් සමඟ ජනපති සාකච්ඡා පවත්වයි !

චීනයේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අද (19) චීන සන්නිවේදන ඉදිකිරීම් සංස්ථාව, සිනොපෙක් සමාගම, BYD සමාගම ඇතුළු ප්‍රධාන පෙළේ චීන සමාගම් කිහිපයක නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වීය.

ශ්‍රි ලංකාවේ අනාගත ආයෝජන අවස්ථා සහ අවකාශයන් පිළිබඳව මෙම සාකච්ඡාවලදි පුර්ණ අවධානය යොමු කෙරිණි.

වරාය නගරය අන්තර්ජාතික මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම, වරාය නගර පරිශ්‍රය උදෙසා නව මුල්‍ය නීති රීති සම්පාදනය, වරාය නගර පරිශ්‍රයට සීමා වූ අධිකරණ සහ බේරුම්කාරක ක්‍රමවේදයන් සැකසීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

එසේම ශ්‍රී ලංකාවේ ප්‍රවාහන පද්ධති විදුලියෙන් ක්‍රියාත්මක කිරිමේ අවකාශ, විදුලි වාහන එකළස් කිරීම, විදුලි දුම්රිය සේවා ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රවර්ධනය උදෙසා හැකි උපරිමයෙන් සහාය ලබා දෙන බවත්, ශ්‍රි ලංකාවේ ආයෝජන අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගන්නා බවත් සමාගම් නියෝජිතයෝ මෙහිදී ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළහ.

ජනාධිපතිවරයා සමඟ ශ්‍රී ලංකා දූත පිරිස ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න