කල්මුණේ දිස්ත්‍රික් ලේකම්ව පැය 2ක් රඳවාගෙන !

කල්මුණේ දිස්ත්‍රික් ලේකම්ව පැය 2ක් රඳවාගෙන !

කල්මුණේ ප්‍රදේශවාසීන් පිරිසක විසින් අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයාව අද ( 19) පැය 2කට ආසන්න කාලයක් නිවාස අඩස්සියේ සිරකර තබාගෙන සිට ඇති බව වාර්තා වෙයි.

ඒ අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම අද පෙරවරුවේ ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා කල්මුණේ උතුර ප්‍රාදේශිය උප ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේදී ය.

එහිදී ප්‍රදේශවාසීන් විසින් එම ස්ථානය වටලා තිබේ.

වාර්තා වන ආකාරයට මෙලෙස පැය දෙකකට ආසන්න කාලයක් දිස්ත්‍රික් ලේකම්වරයා එම කාර්යාලයේ රඳවාගෙන තිබෙන්නේ ප්‍රදේශයේ ජනතාවට සම්පත් බෙදීයෑම අසාධාරණ බවට චෝදනා කරමින් ය.

කෙසේවෙතත් පසුව මෙම ගැටලුවට විසදුමක් ලබාදෙන බවට දිසාපතිවරයා පොරොන්දුවීමත් සමග ජනතාව එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති බවත් වාර්තා වෙයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න