අද පෙරවරුවේ සිදු කෙරෙන කැබිනට් සංශෝධනය යටතේ අමාත්‍යංශ විෂය පථයන්වල පුළුල් පෙරළියක් සිදු වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
මුළු ඇමැති මණ්ඩලයම අලුත් කැබිනට් මණ්ඩලයක් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද පෙරවරු 10.00ට දිවුරුම් දීමට නියමිතය.
එහිදී ඇමැතිවරුන්ට දැනට හිමිවී ඇති ඇමැතිධුරවලට අයත් විෂ්‍ය පථයන් ගණනාවක්ම වෙනස්වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග වලින් පැවසේ. අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඇති සංස්කෘතික විෂයට අදාළ මධ්‍යම සංස්කෘතිය අරමුදල, අපේ ගම, ජාතික කලා මණ්ඩලය, ජාතික සංස්කෘතික කලා මධ්‍යස්ථානය, ජනකලා කේන්ද්‍රය, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය, ටවර්හෝල් රඟහල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යන ආයතන සංස්කෘතික අමාත්‍යවරයා යටතට පත් කෙරෙනු ඇතැයි වාර්තාවේ.
රජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ දැනට පවතින ජාතික චිත්‍රපට සංස්ථාවද නැවත සංස්කෘතික අමාත්‍යංශය යටතට හෝ ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට පත් කෙරෙනු ඇතැයි වාර්තාවේ.
එසේම, සමෘද්ධි බැංකුව ඇතුළු සියලු රාජ්‍ය බැංකු මුදල් අමාත්‍යංශය යටතට පත් කිරීමට ද ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි වාර්තාවේ. මහා මාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය අමාත්‍යංශ දෙකක් ලෙස වෙන් කෙරෙනු ඇතැයි ද පැවසේ.
මේ අතර ජාතික ආණ්ඩුවේ කැබිනට් අමැතිවරුන් 47 දෙනකු සිටි අතර එය 42ක් පමණ දක්වා අඩු වනු ඇතැයි ද රජයේ ආරංචි මාර්ග කියයි.
මෙම කැබිනට් සංශෝධනයේදී මුදල් හා මාධ්‍ය අමාත්‍යංශය යලි මංගල සමරවීර මහතා වෙත ලබාදීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා එකඟත්වයට පත්ව ඇත.

