ශ්‍රීලනිප 16 ආණ්ඩුවට එක්වීම - දවල් හීනයක් වෙයි : කිසිවෙකුට අමාත්‍යධුර නෑ !

ශ්‍රීලනිප 16 ආණ්ඩුවට එක්වීම - දවල් හීනයක් වෙයි : කිසිවෙකුට අමාත්‍යධුර නෑ !

ආණ්ඩුවෙන් ඉවත්ව ගිය ශ්‍රීලනිප 16 කණ්ඩායමේ කිසිවෙකුට අද (01) පැවැත්වීමට නියමිත පූර්ණ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී අමාත්‍යධුර නොලැබෙන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව 16 කණ්ඩායමේ කිසිවෙකුටවත් අද පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනය සඳහා ආරාධනා කර නොමැති බවද වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 කණ්ඩායමේ කිහිප දෙනෙකු නැවත අමාත්‍යධුර ගැනීම වෙනුවෙන් ආණ්ඩුවේ ප්‍රධානීන් සමඟ පවත්වනු ලැබූ සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන්  අමාත්‍යධුර නොලැබෙන තත්ත්වය මතුව ඇත.

මේ අතර ශ්‍රීලනිප 16 කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ ඉවත්වූ පිරිස නැවත ආණ්ඩුවට එක්වීමේ සුදානමක් ගැන කියවුණත් එය දවල් හීනයක් පමණක් බවය.

එසේම පෙර සිට සුදානම්වූ ආකාරයට තම 16 කණ්ඩායම එළඹෙන මැයි 08 වනදා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගන්නා බවත් ඒ පිළිබඳ මේ වන විටත් නිල වශයෙන් පාර්ලිමේන්තුවේ වගකිව යුතු පාර්ශව දැනුවත් කර ඇති බවද ඔහු සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න