වැල්ලම්පිටිය, ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටී සිසුවියක මියගොස් තවත් සිසුන් පස් දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
ඒ සම්බන්ධයෙන් විමර්ශනය සිදුකර කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇත.
ඒ අනුව ඉදිරියේ දී අදාළ පාසල වෙත ගොස් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සඳහන් කරයි.
මෙම සිදුවීමෙන් අනතුරු ව ප්‍රදේශවාසීන් පිරිසක් පාසලේ ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් එම පාසලේ අධ්‍යයන කටයුතු තාවකාලික ව නවතා දමා ඇති අතර, යළි අධ්‍යයන කටයුතු ලබන සඳුදා සිදු කිරීමට නියමිතය.
සබැදි පුවත
තාප්පයක් කඩා වැටී සිසුවියක් ජීවිතක්ෂයට
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
