ජනාධිපතිගේ වැඩ ගැන සජබ බයවෙලා : 15 වෙනිදා පොහොට්ටුව මොන නාඩගමක් නටයිද ?

ජනාධිපතිගේ වැඩ ගැන සජබ බයවෙලා : 15 වෙනිදා පොහොට්ටුව මොන නාඩගමක් නටයිද ?

සජබ විතරක් නෙමෙයි, ලන්සලා අනුරයාපා ලගේ සන්ධානයයි ශ්‍රී ලංකා එකයි , තවත් පක්ෂ කිහිපයක්ම එකතුවෙලා හදන්නය යන අලුත් සන්ධානෙත් ජනවාරියේ දී කරලියට එන්නයි යන්නේ.

ඒ සන්ධානයට සහාය දක්වන මැති ඇමතිවරුන් වන නලින් ප්‍රනාන්දු, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, නිමල් ලන්සා, පියංකර ජයරත්න, චන්න ජයසුමන, දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් පහුගිය සතියේ දවසක පාර්ලිමේන්තු ලොබියේ ඉඳන් වත්මන් දේශපාලන කරුණු කාරනා ගැන කතාබහ කරමින් ඉඳල තියනවා.

“දැන් සජබේ හැමෝම බයවෙලා ඉන්නේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවන්න හදනවා කියලා “- ලසන්ත අලගියවන්න කියලා .

“එන්නේ ජනාධිපතිවරණයක්නෙ. ඒක සජබේ දන්නවා .. හැබැයි ඉතින් ඒකට සජිත් බයයිනෙ. පාර්ලිමේන්තුව ඡන්දයක් තිබ්බොත් සජබේ දැන් ඉන්න හුඟාක් අය ජනාධිපතිතුමාට සහය දෙන්න යු.එන්.පි යට යනවා, අනිත් එක ඔය ඉන්න සෙට් එකෙන් බාගෙට බාගයක්වත් ඊලග පාර පාර්ලිමේන්තු එන්නේ නෑ” - නිමල් ලන්සා සිනාසෙමින් කියලා .

“ලන්සා කිව්වා වගේ දැනටමත් සජබේ කට්ටිය හුඟාක් ඉන්නේ එක්කෝ ජනාධිපති කාර්යාලයේ, නැත්තන් පාර්ලිමේන්තුවේ ජනාධිපතිගේ කාමරේ” කියලා - දුමින්ද දිසානායක කියලා .

“ඔව්..අපිත් යන එනකොට දකිනවනේ හැබැයි හොරෙන් ජනාධිපතිතුමා හම්බෙනවා එලියට ඇවිත් ආණ්ඩුවට බනිනවා” - අමරවීර කියලා .

“ඔව් ඉතින් ආණ්ඩුවට ගැහුවේ නැත්තන් කොහොමද විපක්ෂ නායකතුමාගෙන් බේරෙන්නේ” කියලා ලන්සා කියලා .

“හුඟක් අය ඉන්නේ සජිත් එක්ක හොඳකින් නෙමෙයි” - චන්න ජයසුමනත් කතාබහට එකතුවෙලා.

“ජනාධිපති වෙන්න කලින් ඉස්සරවෙලාම තමන්ගේ වටේ ඉන්න මන්ත්‍රීවරුන්ට සලකන්න දැනගන්න එපැයි, එක දන්නේ නැතුව කොහොමද ජනාධිපතිකම් කරන්නේ”- ඇමති නලින් ප්‍රනාන්දු කියලා .

“පොහොට්ටුවේ සංවත්සරය තියනවා නේද?, සුගතදාස එක පුරවන්න ෆුල් ට්‍රයි කරනවලු”- පියංකර ජයරත්න කතාව වෙනත් පැත්තකට ගෙනෙහින්.

''හම්බන්තොට ට මිනිස්සු කිහිපදෙනෙක්ම මටත් කතාකළා සමහර සංවිධායකයෝ කෙලින්ම කිව්වලු සෙනග ගේන්නේ නෑ කියලා " අමරවීර කියලා .

“කට්ටිය බලන්නේ 15 වැනිදා මොකක්හරි කියලා ආයෙත් ජනතාව අන්දන්න පුලුවන්ද කියල බලන්න” - නලින් කියලා තියෙන්නේ එහෙම.

දේශපාලන වාර්තාකරු

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න