සමගි ජනබලවේගය පක්ෂයේ සිට ආණ්ඩුවට සහය දැක්වීම සඳහා එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් වඩුවේල් හට තවත් තනතුරක් පිරිණමා තිබේ.
ඒ බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර සහ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල රජය විසින් ක්‍රියාත්මක කරන සියලුම සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීම වෙනුවෙන්, එම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙසය.
ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත්කර ඇති කෙටි පණිවිඩයක සඳහන් වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත්වීම සිදුකර ඇති බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
