සජිත්ගේ වැරදුණු කුරුමානම පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි !

සජිත්ගේ වැරදුණු කුරුමානම පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි !

නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සැසිවාරයේ සමාරම්භක අවස්ථාව දේශපාලන වාසියක් කරගන්නට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දැරූ ප්‍රයත්නය අසාර්ථක වූ බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සැසිවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරු 10.30ට ආරම්භ වූ අතර එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සැලසුම් කර ඇත්තේ ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට සැරසෙන විට එම අවස්ථාව වර්ජනය කර විපක්ෂයම පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටතට ගැනීමට ය.

ඒ වෙනුවෙන් ඔහු ඊයේ (06) සූම් තාක්ෂණය ඔස්සේ සමගි ජනබලවේගය සන්ධානයේ සාකච්ඡාවක් කැඳවා අදහස් දක්වා ඇති නමුත් ඊට අපේක්ෂා කළ ආකාරයේ ප්‍රතිචාරයක් ලැබී නැත.

විශේෂයෙන් සමගි ජනබලවේගය සන්ධානය නියෝජනය කරන පක්ෂ නායකයන් , සුලු පක්ෂ නායකයන් ඒ සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා නොමැත.

එහිදී අදාළ යෝජනාව සම්බන්ධයෙන් අද (07) උදෑසන වැඩිදුරටත් සාකච්ඡා කිරීමට යෝජනා කර එම සූම් සාකච්ඡාව අවසන් කර ඇත .

අනතුරුව අද උදෑසන එකී සාකච්ඡාව ආරම්භ කර ඇතත් එම අවස්ථාව සඳහා සජබ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් ද සහභාගි ව නැති අතර , තවත් පිරිසක් පාර්ලිමේන්තු පැමිණ නොමැති බවත් පෙනීගොස් ඇත.

කෙසේ වුවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ අවස්ථාවේ පැමිණ සිටි සජබ සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසෙන් කොටසක් සමග පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටතට යාමට විපක්ෂ නායක කටයුතු කර ඇත .

නමුත් සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, පාඨලී චම්පික රණවක, ඉෂාක් රහුමාන් සහ කුමාර වෙල්ගම යන මන්ත්‍රීවරුන් ජනපතිගේ කතාවට සවන් දෙමින් මැතිසබයේ රැඳී සිට ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇතැම් මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ තම නායකයාගේ කුරුමානම වැරදුණු බවය. එසේම පක්ෂ අභ්‍යන්තරයේ තිබෙන සජිත් විරෝධය අනාවරණය වූ බවය.

මේ ආකාරයට විපක්ෂ නායක ගේ වැරදුණු කුරුමානම මධ්‍යයේ වුවත් ජනපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය හෙට (08) සහ අනිද්දා (09) දෙදින තුළ පැවැත්වීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න