වෛද්‍යවරුන් සඳහා ලබාදෙන DAT දීමනාව ඉල්ලා සිටිමින් සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති 72ක් විසින් දියත්කර තිබූ වර්ජනය හෙට (15) පෙරවරු 06.30 ට අවසන් කරන බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විසින් පවතින ගැටලුව සාකච්ඡා කිරීම සඳහා සාකච්ඡාවක් ලබා දෙන බව ලිඛිතව ලබාදීම හේතුවෙන් මෙම වර්ජන ක්‍රියාමාර්ගය තාවකාලිකව නතර කරන බව ඔහු පවසයි.
කෙසේ වුවත් මීට පෙර මෙම වෘත්තීය සමිති පවසා සිටියේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් තම ගැටළුව පිළිබඳව සාකච්ඡා කිරීමට ලිඛිත දැනුම් දීමක් සිදුකරන තුරු වර්ජනය ක‍්‍රියාත්මක කරන බවය.
කෙසේ වුවත් මෙම වර්ජනය හේතුවෙන් දිවයින පුරා රොහල් වල රෝගීන් දැඩි පිඩාවට ලක්ව සිටි බව වාර්තා වෙයි . එසේම සෞඛ්‍ය සේවයේ සියලු අංශ අත්‍යවශ්‍ය සේවා කරමින් ඊයේ (13) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ අණ පරිදි ගැසට් නිවේදනයක් ද නිකුත්කර තිබිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
