'අපි අහලවත් නැති ධාතු ලංකාවේ තියෙනවා' -අස්ගිරි අනුනාහිමි

'අපි අහලවත් නැති ධාතු ලංකාවේ තියෙනවා' -අස්ගිරි අනුනාහිමි

බුදු දහමේ කිසිදු තැනක අසා නැති ධාතූන් වහන්සේලා පවා වර්තමානයේ ලංකාවේ පෙන්වන බවත්, ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය තැන තැන කඩ-සල්පිල් ගාණට වැටී ඇති බවත් අස්ගිරි අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි නාහිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවති බිංගිරිය, දේවගිරි රජමහා විහාර භූමියේ ‘හෙළ බොදු කලා අසිරිය‘ වෙසක් කලාපය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි. 

අනුනායක හිමියෝ වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීහ. 

‘මේ ධාතු ප්‍රදර්ශන එදා අපි ඉතාමත් ගෞරවයෙන්, කලාතුරකින්, බුද්ධාලම්භන ප්‍රීතිය ඇතිව ඉතාමත් උනන්දුවෙන් සිදු කරන ක්‍රියාවලියක් බවට පත්වෙලා තිබුණා. අද මේ ධාතු ප්‍රදර්ශන නැති තැනක් සොයාගන්න බැරි තරමටම ප්‍රදර්ශන පවත්වනවා. 

සැක සහිත ධාතූන් වහන්සේලා !

ඊළඟට මාධ්‍ය ඉදිරිපත් කරනවා, නිසැක සර්වඥ ධාතූ කියලා. ඒ කියන්නෙ තව පැත්තකින් පැහැදිලි කරනවා, සැක සහිත සර්වඥ ධාතූන් වහන්සේලාත් හුඟක් ඉන්නවා කියලා. මේ නිසැක කියන වචනය යොදාගැනීමෙන් සමහර ධාතූන් වහන්සේලා සැක සහිත ධාතූන් වහන්සේලා බවට පත්වීම නිසාත් මම හිතන්නේ ඒ භාවිතය සුදුසු වෙන්නේ නැහැ කියලා.’.

සමහර ධාතු ප්‍රදර්ශනවලට ගියහම ශ්‍රද්ධාවට වඩා ශ්‍රද්ධාව හීනවන තත්ත්වයක් තියෙනවා. සමහර ප්‍රදර්ශනවලට ගියහම අපි අහලාවත් නැති රහතුන්වහන්සේලාගේ ධාතූන්වහන්සේලා ප්‍රදර්ශනය කරනවා. රහත් ධාතූන් වහන්සේලාටත් අපි ඉතාම ගෞරවයෙන් වැඳුම්පිදුම් කරනවා. 

සර්වඥ ධාතූන්වහන්සේලාටත් අපි හොඳින් වැඳුම් පිදුම් කරනවා ගෞරවයෙන්. නමුත් ඒවා දැන් කෙළවරක් නැති ධාතු ප්‍රදර්ශන බවට පත්වෙලා. 

හැමතැනම අර කඩ-සල්පිල් දාන මට්ටමට ධාතු ප්‍රදර්ශන මේ රටේ පවත්වනවා.’
(රැස)

colimg 8803203241071 6974928 29042018 SIS CMY 0
අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් සංවිධාන කරණු ලබන බුද්ධ රශ්මි සර්වඥ ධාතු ප්‍රදර්ශනය පසුගිය 29දා පස්වරුවේ අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේදී ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සර්වඥ ධාතූන් වහන්සේලා වැඳපුදා ගත් අයුරු.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න