මඩකළපුවේ, කොළඹ සහ ගාල්ලේ : අදත් මැයි දින රැළි

මඩකළපුවේ, කොළඹ සහ ගාල්ලේ : අදත් මැයි දින රැළි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  මැයි දින සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (07) පස්වරු 3.00 ට මඩකළපුව චෙන්කල්අඩු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

ජාතික සමඟියට කම්කරු ජවය යන්න මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  මැයි දින සැමරුමේ තේමාව වී තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන මැයි දින රැළිය අද පස්වරු 2.30ට ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම රැළියේ තේමාව වී ඇත්තේ “බදු බරට, පවාදීමට, බැදුම්කර කොල්ලයට, ජාතික සම්පත් විකිණීමට සහ මර්දනයට එරෙහිව” යන්න ය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැළිය අද පස්වරු 3.30ට කොළඹ නාරාහේන්පිට බී.ආර්.සී පිටියේදී පැවැත්වෙන අතර ඒ එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

 “ සමාජ සාධාරණත්වය, ජාතික සමඟිය ගොඩනගන ජනතාවාදී පාලනයක්” යන්න මෙවර ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින සැමරුමේ තේමාව වී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න