කෝටි 675 ක සමෘද්ධි සල්ලි අතුරුදහන් : අගමැති නියෝගයෙන් පරීක්ෂණයක් !

කෝටි 675 ක සමෘද්ධි සල්ලි අතුරුදහන් : අගමැති නියෝගයෙන් පරීක්ෂණයක් !

සමෘද්ධි දීමනා ලෙස වෙන්කර තිබූ රුපියල් බිලියන 25 ක මුදලින් රුපියල් බිලියන 6.5ක්  (කෝටි 675ක්) අතුරුදහන්ව ඇති බැවින් එහි මුල්‍ය අක්‍රමිකතාව සිදුව ඇතිදැයි පරීක්ෂා කරන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින්  මුදල් අමාත්‍යංශය වෙත නියෝගකර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව මුදල් අමාත්‍යංශය විශේෂ විමර්ශනයක් අරඹා ඇති අතර ඒ සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය සෘජුව මැදිහත්වී ඇති බවද වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අදාළ අමාත්‍යංශයක සිදුවූ මුල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධව අග්‍රාමාත්‍ය කාර්යාලයේ සෘජු මැදිහත්වීමෙන් දියත්කර ඇති පළමු විමර්ශනය මෙයයි.

විමර්ශනය ආරම්භ කිරීමත් සමඟ එස්.බී . දිසානායක හිටපු අමාත්‍යවරයා අදාළ අමාත්‍යංශය සඳහා පත්කළ නිලධාරීන් සියළු දෙනාද එම ධුර වලින් ඉවත්කර ඇති බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

වැඩිදුරටත් වාර්තා වන තොරතුරු වලට අනුව 2018 වසරේ අයවැය හරහා සමාජ සුභසාධන සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශයට රුපියල් බිලියන 25 ක මුදලක් වෙන්කර ඇත. වසරේ මාස 12 ට එම මුදල බෙදීයා යුතුව තිබෙන්නේ එක් මාසයක් සඳහා රුපියල් බිලියන 2.08 ක් වන ලෙසය. නමුත් මේ වසරේ මුල් මාස තුන සඳහා පමණක් රුපියල් බිලියන 13ක් වැයකර ඇත.

මේ සම්බන්ධව පළමු හෝඩුවාව ලැබී ඇත්තේ  සමාජ සුභසාධන සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය එක්සත් ජාතික පක්ෂය වෙත ලැබීමෙන් පසුව අදාළ අමාත්‍යංශයේ ප්‍රගතිය විමසා බැලු වාර්තාවක් හරහාය. එහිදී රුපියල් කෝටි 675 මුදල සමෘද්ධිලාභීන් වෙතද ලැබී නොමැති බවද අනාවරණය වී ඇති අතර එම අතුරුදහන්වූ මුදල මුල්‍ය අක්‍රමිකතාවක්ද යන්න සම්බන්ධව  විමර්ශනයක් සිදුකරන ලෙස අග්‍රාමාත්‍යවරයා නියෝග කර ඇත්තේ ඒ අනුවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න