මාසේ මාරු කරලා : අකිල ජොබ් 460ක් දීලා

මාසේ මාරු කරලා : අකිල ජොබ් 460ක් දීලා

අමාත්‍ය මණ්ඩල සංශෝධනයට පෙර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පසුදාතම් (backdate) යුතුව  රැකියා 460ක් පමණ ලබාදී ඇති බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රමුඛ අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පැවති ආයතන කිහිපයක් සඳහා මෙසේ සේවකයින් බඳවා ගැනීම සඳහා ලිපි නිකුත් කර ඇත.

මේ සම්බන්ධව අප උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ වගකිවයුතු නිලධාරියෙකු වෙතින් විමසූ අවස්ථාවේ ඔහු සඳහන්කර සිටියේ  අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඇති සංස්කෘතික විෂයට අදාළ මධ්‍යම සංස්කෘතිය අරමුදල ඇතුළු ආයතන අතර මෙවැනි සැකකටයුතු  පත්වීම් ලබාදීමක් වාර්තා වන බවත් අමාත්‍යංශ විෂය පථ ගැසට් වන තුරු ඒ සම්බන්ධව තීරණයක් නොගැනීමට අමාත්‍යංශය තීන්දු කර ඇති බවත්ය.

එසේම අදාළ පත්වීම් සිදුකොට ඇති ආකාරය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකරන්නට අමාත්‍යංශය අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.  කිසියම් අමාත්‍යාංශයක රැකියා අවස්ථා ලබාදීම ගැටළුවක් නොවන නමුත් එය සිදුකිරීමේ විධිමත් පටිපාටියක් ඇති බවත් මෙම රැකියා ලබාදීම සිදුකොට ඇත්තේ නිවැරදි පටිපාටියට පිටින්ගොස් නම් ඒ සම්බන්ධව තීරණයක් ගැනීමට සිදුවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න