එජාප ආණ්ඩුව රැකගත් මහමොලකරු මංගල බවට දයාසිරිගෙන් චෝදනා

එජාප ආණ්ඩුව රැකගත් මහමොලකරු මංගල බවට දයාසිරිගෙන් චෝදනා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරහිව ඉදිරිපත් කරන ලද විශ්වාසභංගය පරාජය පත් වූයේ අමාත්‍ය මංගල සමරවීරගේ මැදිහත් වීම නිසාවෙන් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි. 

ඊයේ(08) දෙරණ නාලිකාවේ 360 වැඩසටහන හා එක්වෙමින් මන්ත්‍රීවරයා  මෙලෙස චෝදනා කර සිටියේය.

අගමැති ගෙදර යවන්න තිබ්බේ තව නිමේෂයයි

එවක එජාප අභ්‍යන්තරයේ පැවති අර්බුදකාරී තත්ත්වයත් සමගින් එජාප මන්ත්‍රීවරුන් 28 දෙනෙකු ඉතා පහසුවෙන්ම විශ්වාසභංගයට පක්ෂවීමට තීරණය කර තිබු පසුබිමක එය ජයග්‍රාහී අවසාන නිමේෂය අසල තිබියදී අමාත්‍ය මංගල සමරවීර සන්ධානයේ අමාත්‍යවරුන් 8 දෙනෙකු හා සිය නිවසේදී සාකච්චා පවත්වමින් ඔවුන්ගේ තීරණය වෙනස් කර විශ්වාසභංගයට විරුද්ධ ස්ථාවරයක් දක්වා ඔවුන් වෙනස් නොකරන්නට අද පවතින්නේ ශ්‍රීලනිප ආණ්ඩුවක් බවද හෙතෙම අවධාරණය කළේය.

එජාපය ආයෙත් ශක්තිමත් වුනා

සන්ධානයේ ප්‍රබලයන් 8දෙනාගේ  තීරණය හමුවේ එජාප කැරලිකාර පිරිසද අතරමන් වූ බැවින් අවසානයේදී ඔවුන්ද එජාප අගමැති ආරක්ෂා කිරීමට මනාපය දීමෙන් සියල්ල නොසිතු ලෙසින් අවසන් වූ නමුත් තමන් ඇතුළු 16දෙනා විශ්වාසභංගය පරදින බව දැන දැනත් එයට මනාපය දුන් බවද අවසානයේ එජාපයත් අගමැතිත් තවත් ශක්තිමත් වීම පමණක් සිදු වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසිය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න