සමෘද්ධි මුදල් ගැන අගමැතිගේ දත්ත වැරදියි - සමෘද්ධි අධ්‍යක්ෂ කියයි

සමෘද්ධි මුදල් ගැන අගමැතිගේ දත්ත වැරදියි - සමෘද්ධි අධ්‍යක්ෂ කියයි

සමෘද්ධිලාභීන් වෙත ලබාදීමට රජය වෙන්කළ මුදලින් රුපියල් කෝටි 675ක මුදලක් අඩුවී ඇති බවට අග්‍රාමාත්‍ය කාර්යාලය සිදුකරන ප්‍රකාශය අසත්‍යක් බවත් අදාළ මුදලින් කෝටි 675ක් නොව සත 675ක් අඩු බව ඔප්පු කළහොත් දෙන ඕනෑම දඬුවමක් පිළිගන්නට තමන් සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක සඳහන් කරයි.

 සමෘද්ධි දීමනා ලෙස වෙන්කර තිබූ රුපියල් බිලියන 25 ක මුදලින් රුපියල් බිලියන 6.5ක්  (කෝටි 675ක්) අතුරුදහන්ව ඇති බැවින් එහි මුල්‍ය අක්‍රමිකතාව සිදුව ඇතිදැයි පරීක්ෂා කරන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින්  මුදල් අමාත්‍යංශය වෙත නියෝගකර ඇති බවට පළවූ පුවත සම්බන්ධව ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

සමාජ සුභසාධන සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යවරයා වශයෙන් එස්.බී. දිසානායක කටයුතු කළ බැවින් මන්ත්‍රීවරයා මෙම ප්‍රතිචාර දැක්වීම සිදුකර සිටියේය.

අගමැතිගේ දත්ත වැරදියි - සමෘද්ධි අධ්‍යක්ෂ 

මේ අතර සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න සඳහන් කර සිටින්නේ 2018 වසරේ මුල් මාස 3 තුළ සමෘද්ධි දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 13ක් වියදම් කර ඇති බවට සහ රුපියල් කෝටි 675ක් අතුරුදහන්වී ඇති බවට පළවී තිබෙන වාර්තා දෙපාර්තමේන්තු ලේඛන විසින් සනාථ නොවන බවය. එම නිසා එම චෝදනා අසත්‍ය බවද ඔහු සඳහන් කර සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරන අතර අදාළ චෝදනා සිදුකරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය දක්වා ඇති සංඛ්‍යා දත්ත ද නිවැරදි නොවන බව ඒ හරහා ඔහු පෙන්වාදී ඇත.

සුනිල් ජයන්ත නවරත්න සඳහන් කරන ආකාරයට 2018 අයවැයෙන් සමෘද්ධි සහන සැපයීම සඳහා රුපියල් බිලියන 43.95ක් වෙන්කර ඇත. නමුත් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කර ඇත්තේ එය රුපියල් බිලියන 25ක් වශයෙන් වන අතර එය නිවැරදි නැත.එසේම ජාතික අයවැය දෙපාර්තමේන්තුව මඟින් වෙන්කළ ඉහත මුදලින් 2018 ජනවාරි සිට මාර්තු දක්වා සමෘද්ධි දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 9.9ක් ලබාදී ඇති අතර ඒ අනුව මාසයක සාමාන්‍ය රුපියල් බිලියන 3.3ක් බවත් ඒ හමුවේද අග්‍රාමාත්‍ය කාර්යාලය උපුටා දැක්වූ සංඛ්‍යා දත්ත නිවැරදි නොවන බවද ඔහු සිය නිවේදනය හරහා සඳහන් කර සිටියි.

සබැඳි පුවත් 

කෝටි 675 ක සමෘද්ධි සල්ලි අතුරුදහන් : අගමැති නියෝගයෙන් පරීක්ෂණයක් !

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න