ග්ලයිෆොසේට් තහනම ඉවත් කළේ මොන්සැන්ටො අවශ්‍යතාවට

ග්ලයිෆොසේට් තහනම ඉවත් කළේ මොන්සැන්ටො අවශ්‍යතාවට

මෙන්සැන්ටො බහුජාතික සමාගම විසින් 1970 වර්ෂයේ  වෙළදපළට හදුන්වා දුන්(N-(phosphonomethyl)glycine) ග්ලයිෆොසේට් ඉහළ පරමාණුක බන්ධනයක් සහිත විෂ රසායනිකයක්  (C3H8NO5P) බවත් එතරම් අධික විෂ සහිත ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට රජය උත්සහ කරන්නේ මොන්සැන්ටෝ බහු ජාතික සමාගමේ  අවශයතාවයට මිස වෙනත් කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැතිව බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ කැඳවුම්කරු  ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් සඳහන් කරයි.

newstube.lk වෙත ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළ අතර පසුගිය සමයේ මෙරට  ග්ලයිෆොසේට් තහනම් කර තිබියදීද  අනුරාධපුර, පොළෙන්නරුව වැනි ප්‍රදේශවල ග්ලයිෆොසේට් අධික මිළකට අලවි කරන ලද බවත් එහෙත් රජය ඊට එරෙහිව කිසිඳු පියවරක් නොගත් බවද ඔහු පැවසීය.

වසර තිහක පමණ අත්දැකීමෙන් පසුව යුරෝපයේ බොහෝරටවල් මෙම විෂරසායනය භාවිතයෙන් ඉවත් කර ඇති අතර පසුගිය අප්‍රේල් 17 වන දින ජර්මනියේ කෘෂීකර්ම ඇමතිවරයා විසින් ක්‍රීඩා පිටිටනි වලට යොදමින් තිබී ග්ලයිෆොසේට් පවා තහනම් කර තිබෙන බවත් ඒ ග්ලයිෆොසේට් භාවිතය මානව සෞඛ්‍ය මෙන්ම ජෛව විවධත්වයට සිදුකරන හානිය නිසා බවද ඔහු සඳහන් කරයි.

ශාක ශෛල මත පතිතවන විෂ රසායනය මිනිසාගේ හා සතුන්ගේ ආහාර දාමයන්ගේ පවා විෂ නොනැසී අඛණ්ඩව  ගමන් කරන බවත් පසට මුසුවන ග්ලයිසීන් විසින් පසේ ජවීන් විනාශයට බලපාන අතර පස හරහා භූ ගත ජලයට එක්වන ග්ලයිසීන් අණු වියෝජනය වීම සඳහා අවම වශයෙන් වසර 20ක් වත්  ගතවන බවද ඔහු පෙන්වා දෙයි.
එසේම ලංකාවේ  ප්‍රබල තේ අයෝජකයකු වන රුසියාව මේ වන විට එරට  තේ වගා කිරීම ආරම්භ  කර ඇති අතර 2025 වන විට වෙනත් රටවලින් මිලදී ගන්නා තේ නැවැත්වීමට ඔවුන්  කටයුතු කරමින් සිටීන බවද ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න