ගම්මන්පිලගේ මන්ත්‍රී සාදු : ලිංගික අතවර චෝදනාවට හිරේ

ගම්මන්පිලගේ මන්ත්‍රී සාදු : ලිංගික අතවර චෝදනාවට හිරේ

පාර්ලිමේන්තු මන්ත්‍රී  උදය ගම්මන්පිලගේ පිවිතුරු හෙළ උරුමය පක්ෂයෙන් දඹුල්ල ප්‍රාදේශීය සභාව නියෝජනය කළ 34 හැවිරිදි වියේ පසුවන හිටපු මන්ත්‍රී චීවරධාරියෙක්  විවාහක කාන්තාවකට ලිංගික අතවරයක් කිරීමේ චෝදනාව යටතේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

පසුව සැකකාර චීවරධාරියා දඹුල්ල දිසා මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ  වෙතා ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

සිගිරිය – නාගල වැව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි තිදරු මවක් වන අතවරයට පත් කාන්තාව ඉකුත් අප්‍රේල් මස 10 වෙනි දින දහවල් දානය රැගෙන තමා පදිංචි ගම්මානයේ පිහිටි විහාරස්ථානයට ගිය අවස්ථාවේ සැකකාර චීවරධාරියා  මෙම කාන්තාවට ලිංගික අතවර සිදු කර ඇත.

අතවරයට ලක්වූ දිනම සිද්ධිය පිලිබදව තම වැඩිමල් සොයුරියට පැවසු බවත් මෙය රහසක් වශයෙන් තබා ගැනීම තම හිතට වදයක්වූ බැවින් තමාගේ සැමියාට සිද්ධිය පිළිබඳ පැවසු බවත් ඔහුගේ උපදෙස් මත අදාළ පැමිණිල්ල සිදුකල බවත් පැමිණිල්ලේ සදහන්වේ.

සැකකාර චීවරධාරියා තමාට ලිංගික අතවරයක් සිදුකල බවට එම කාන්තාව සිගිරිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර මොහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ක්‍රියාකාරී වැඩ කොටසක් සිදුකළ අයෙකු බවද ප්‍රදේශයේ ජනතාව සඳහන් කරයි.

රට ජාතිය ආගම ගැන කියවමින් නංදොඩවන ජාතිවාදී නරුමයන්ගේ සැබෑව මේ බව පෙන්වීම සඳහා මිස වෙනත් කිසිඳු ප්‍රවෘත්තිමය වටිනාකමක් අපට පුවතේ නැත. දුන්න කඩුව අතට අරගෙන පට්ට පිවිතුරු ලෙස සිදුවතින් සැරසුණද කහකඩය දැරුවද ඒ කාටත් ඇත්තේ රට ජාතිය ආගම ගැන ඇත්ත  හැඟීමක් නොව වෙන ඇරියස්ය. ප්‍රශ්නය ඇත්තේ තවමත් සමහරු මේ තක්කඩින් ඇත්තටම රට ජාතිය ආගම රකින බවට නරුම විශ්වාසයක සිටීමය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න